Gossips

ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර පැවති ඓතිහාසික හමුව සාර්ථක බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා.
ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම හමුව පැය 2කට ආසන්න කාලයක් පැවති බවයි.
2016 ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියාවට එල්ල වන චෝදනා, රාජ්‍ය නායකයින් දෙදෙනා විසින්ම මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්, මොස්කව් පාලනය සමඟ සුවිශේෂී සබදතාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී සඳහන් කළා.
දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සබඳතා පළුඳු නොවී තබා ගැනීම දෙපාර්ශවයේම වගකීම බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.