Gossips

පන්ති තහනමට ලක්වූ සිසුන් ඉවත් කරන්නැයි අග්නිදිග සරසවියෙන් පොලීසියට ඉල්ලීමක්

අම්පාර – ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පන්ති තහනමට ලක්වූ සිසුන් බලහත්කාරයෙන් විශ්වවිද්‍යාල භූමිය තුළ රැඳී සිටින බැවින් ඔවුන් ඉවත් කරන ලෙසට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය, පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊට අදාළ පැමිණිල්ල ඊයේ දිනයේදී පාලන අධිකාරිය විසින් අක්කරෙයිපත්තු පොලීසියට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, සිසුන් චෝදනා කරන්නේ නවක වද සිද්ධියක් පදනම් කර ගනිමින් අසාධාරණය ලෙස තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් 22 කුගේ පන්ති තහනම් කිරීමට පාලන අධිකාරිය කටයුතු කර ඇති බවයි.