Gossips

ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම ගැන පැය 5ක විවාදය අදයි

පසුගිය දින කිහිපය තුළ දේශපාලන වේදිකාවේ සංවාදයට බදුන් වූ ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී පැය 5ක විවාදයක් පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස අද (17) දිනයේදී පාර්ලිමේන්තුවේ එය විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළා.