පසුගිය සිකුරාදා සති දෙකකින් ඉහළ අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ (16) නව සතිය ආරම්භයේ පහත වැටීමක් පෙන්නුම් කළා.
සමස්ත දර්ශකය දිනය අවසන දී 6130.62ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 304.1කට සීමා වුණා.
විදේශ ආයෝජකයන් ඊයේ දිනයේදී රුපියල් මිලියන 177.7ක කොටස් අලෙවි කළ අතර, වසරේ මේ දක්වා මුළු විදේශීය විකුණුම් රුපියල් බිලියන 2.6 ඉක්මවා තිබෙනවා.