Gossips

ජනපති 6 වන ලෝක වනාන්තර සැසිය අමතයි

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමුඛ පියවරක් වශයෙන් වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට එක්වෙමින් ප්‍රකාශ කළා.
අදාළ සමුළුව රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී අද පැවැත්වුණා.
එහි විශේෂ දේශනය සිදුකරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.