Gossips

Update – රුසියානු ගුවන් අනතුරට හේතු හෙළිවෙයි

පුද්ගලයින් 71 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේදී සිදුවූ ගුවන් යානා අනතුරට හේතු හෙළිව තිබෙනවා
අයහපත් කාලගුණය, ගුවන් නියමුවාගේ අත්වැරදීමක් සහ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇති බවටයි රුසියානු බලධාරීන් සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නොසළකන බවද ඔවුන් පවසනවා.
ගුවන් යානය අනතුරට පත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් හදිසි දැනුම්දීමක් හෝ කර නොමැති බවද රුසියානු බලධාරීන් පෙන්වා දෙනවා.
සරාටේ ගුවන් සමාගමට අයත් අභ්‍යන්තර මගී ප්‍රවාහන යානයක් අනතුරට පත්වුනේ මොස්කව් නුවර ආසන්නයේදියි.
විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ මෙම ගුවන් සමාගම2015 වසරේදී ජාත්‍යන්තර ගුවන් ගමන් තහනමකට ලක්වූ සමාගමක් බවයි.
කෙසේ වෙතත් ඔවුන් ඊට පසු වසරේදී සිදුකළ අභියාචනයකින් පසුව එම තහනම ඉවත්කරගෙන තිබුණා.
Update :- Monday, February 12, 2018 9.53 am
————————————————————-
රුසියාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 71 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොස්කව්, දමදෙදවා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඔර්ස්ක් නගරය බලා ගමන් ආරම්භ කළ මගී යානයක් මෙලෙස කඩා වැටී ඇත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
යානය ගුවන්ගතවීමෙන් මඳ වේලාවකට පසු කඩා වැටීඇති බව රුසියානු වාර්තා සඳහන් කරනවා.
මොස්කව් අගනුවරින් ගිනිකොණ දෙසින් පිහිටි අර්ගුනවා ප්‍රදේශයට යානය කඩා වැටි තිබෙනවා.