Gossips

ප්‍රථම කාර්මිකරණ යෝජනාවලිය ළඟදීම

අපනයන ශක්තිමත් කිරීම සඳහා සකස් කළ ප්‍රථම කාර්මීකරණ යෝජනාවලිය නුදුරේදීම එළිදක්වන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
වසර 2025 වනවිට නව කාර්මික ජනපද ඇති කිරීමට අදාළ යෝජනා ද මේ යටතේ හදුන්වා දෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති අතර, යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති ටූන් ලායි – මාර්ගියු ඊට එක්වුණා.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නව කාර්මික ප්‍රතිපත්තිීන් හඳුන්වාදීමට යුරෝපා සංගමයේ සහය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවයි.