Gossips

මරණ දඬුවමට එරෙහිව යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්

ලක් රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ බව යුරෝපා සංගමය පවසනවා.
එම සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ යුරෝපා සංගමය මෙන්ම කැනඩාව සහ නෝර්වේ රාජ්‍යය ද අදාළ පැහැදිලි කිරීම අපේක්ෂා කරන බවයි.
එමෙන්ම තමන් ඕනෑම ආකාරයකින්, ඕනෑම වාතාවරණයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැඩිව සහ අවිවාදාත්මකව විරුද්ධත්වය පළ කරන බවයි යුරෝපා සංගමය ප්‍රකාශ කළේ.