Gossips

රජයේ නිළධාරියෙකු ඝාතනය කෙරේ

පානදුර – අඟුරුවාතොට – යාල හංදිය, වේරවත්ත ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අද අලූයම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දොඩම්ගොඩ – කොස්හේන – බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි, දොඩම්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඟුරුවාතොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.