ත්‍රිකුණාමලය මුස්ලිම් විද්‍යාලය අසළදී පොළොව යට පරීක්ෂා කළ හැකි අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ස්කෑනර් යන්ත්‍රය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පුරාවිද්‍යාත්මක ස්ථාන සහ නිධන් කර ඇති වස්තු පරීක්ෂා කිරීමට මෙම අධිබලැති ස්කෑන් යන්ත්‍රය යොදාගැනීමට හැකියි.
සැකකරුවන් ත්‍රිකුණාමලය, අනුරාධපුර සහ හිදෝගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.