Gossips

ඉදිරි දිනවලදී සුළගේ වේගය වැඩිවීමක්

ඉදිරි දිනවල තවදුරටත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවිමක් හෙට දිනය තෙක් බලපැවැත්වෙනු ඇති බවයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිිවිය හැකි අතර සමහර ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තුවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා.