Gossips

2020 පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා දැන්ම හෙළි කළ යුතු බව ඌව මහ ඇමති කියයි

2020 ජනපති සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන්නේ නම් අපේක්ෂකයාගේ නම දැන්ම හෙළි කළ යුතු බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පවසනවා.
මහ ඇමතිවරයා මේ අදහස් පළ කළේ සේරුවිල පැවැති නිදහස් පක්ෂ බල මණ්ඩල පිහිටුවීමේ උත්සවයකදීයි.