Gossips

ග්ලයිෆොසේට් තහනම ඉවත් කළේ, තේ සහ රබර් සඳහා පමණයි – පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්

කැබිනට් තීන්දුවලට පරිබාහිරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට කිසිදු හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ තේ සහ රබර් සඳහා පමණක් ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීමට මිස අනෙක් භෝග සඳහා වන තහනම් ඉවත් කිරීමට නොවන බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
කිිසිදු නිලධාරියෙකුට කැබිනට් තීරණ වලට පිිටින් ක්‍රියා කිරීමට නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළා.
දිවයින පුරා සියලූ භෝග සඳහා බලපැවැත්වෙන පරිදි ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් පලිභෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අප කළ විමසීමකදී පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉදිරි දින කිහිපය තුල තේ සහ රබර් වලට හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆොසෙට් තහනම යලිත් අන්තර්ගත කර ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි.