Gossips

ලෝක පාපන්දු කිරුළට තවත් පැය කිහිපයයි

අද පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයෙන් ජය ගන්නේ තම කණ්ඩායම බව ක්‍රොඒෂියාව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම තරගාවලියේ ශූරයින් තම රට බව ක්‍රොඒෂියානු පුවත්පත් රැසක් වාර්තා කර තිබූ අතර, එම පුවත්පත් සියල්ලේම මුල් පිටු අද පිරී තිබුණේ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය පිළිබදවයි.
ක්‍රොඒෂියාව සහ ප්‍රංශය අතර පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.30ට ආරම්භවීමට නියමිතයි.