Gossips

දරුවකුට මත්පැන් පොවන සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙයි

ශීලාචාර සමාජයක් ගොඩනගන බවට දේශපාලන අධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසක් ප්‍රතිඥා දී ඇති පසුබිමකල ඊට කෙලෙසකවත් නොගැලපෙන දර්ශන පෙලක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරනවා.
මිතුරන් පිරිසක් සමග මත්පැන් පානයේ නිරත වන පුද්ගලයකු සිය ඇකයේ සිටින දරුවාට ද මත්පැන් වැනි යමක් පොවන ආකාරය මෙම දර්ශනවල පැහැදිළිව
දක්නට ලැබෙනවා.
නුසුරුප් වදන්ද තෙපලමින් මත්පැන් පානය කරන ස්ථානයක සිඟිති දරුවකු තබා ගෙන සිටීම මෙන්ම මෙම සිඟිත්තාද එම කාර්යයට සම්බන්ධ කරගැනීම මෙරට සමාජයේ පරිහානිය පෙන්නුම් කරන තවත් පැතිකඩක්.
මෙවැනි ක්‍රියාවක් මඟින් රටේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුරට අත්වන ඉරණම පිළිබඳව මතුවන්නේ ප්‍රශ්නාර්ථයක්.
ළමුන්ගේ රැකවරණය වෙනුවෙන්ම ආයතන රැසක් ස්ථාපිත කර ඇති රටක මෙවැනි සිද්ධි පිළිබඳව කඩිනමින් සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීම
අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්.
අප කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
rnrn