Gossips

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ 18කගේ නම් අධිකරණ අමාත්‍යාශයට

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වූ රැදවියන් 18 දෙනෙකුගේ නම් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවයි.