Gossips

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

මීගමුව සිට පුත්තලම, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 65ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබදව අවදානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.
එමෙන්ම අනිද්දා දක්වා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කරනවා.