Gossips

උතුරු කොරියාව සහ ඇමරිකාව අතර විශේෂ හමුවක්

උතුරු කොරියානු සහ ඇමරිකානු නිලධාරීන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (15) කොරියානු දේශසීමාවේදී පැවැත්වීමට නියමිතයි.
දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කළේ 1950 සිට 53 දක්වා කාලය තුළ කොරියානු යුද්ධවලදී මිය ගිය ඇමරිකානු භටයින්ගේ භෂ්මාවශේෂ යළි ඇමරිකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.
පසුගිය මාසයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබුණා.