Gossips

කතරගම හෝටල්වලට දඩ මස් සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කතරගම ප්‍රදේශයේ හෝටල් සඳහා දඩ මස් සපයන පුද්ගලයෙකු කොටන තුවක්කුවක් ද සමඟ අද (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.
තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත්තා.