Gossips

පැරදුණු තරඟයෙන් වාර්තා පොත් අතරට ගිය දෝණි

ඉන්දියානු කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟය ලකණු 86කින් ජය ගන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 322ක්.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් පන්දු 116කදී ලකුණු 113ක් වාර්තා කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 08ක් සමඟින්.
නායක ඔවින් මෝගන් ලකණු 53ක් රැස් කළ අතර ඩේවිඩ් විලී නොදැවී ලකුණු 50ක් රැස්කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් එංගලන්ත කඩුලු 03ක් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 236ක් පමණයි.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුරේෂ් රයිනා රැස්කළ ලකුණු සංඛ්‍යාව 46ක්.
මේ අතර එක්දින ලකුණු දස දහසේ සීමාව පසු කළ සිව්වන ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට මහේන්ද්‍ර සිං දෝණිට ඊයේ තරඟයේදී හැකියාව ලැබුණා.
දෝණි ඊයේ තරඟයේදී ලකුණු 37ක් රැස් කළ අතර ඔහු මෙහිදී වාර්තා පොත් අතරට එක් වුණේ එක්දින ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව දෙවන කඩුලු රකිනා ලෙසයි.
එක්දින ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු කඩුලු රකින්නා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරයි.
මේ වන විට ක්‍රීඩකයින් 12 දෙනෙකු එක්දින ලකුණු දස දහසේ සීමාව පසුකර තිබෙනවා.
ඊයේ පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්.