Gossips

ඇමරිකානු ජනපති ට්‍රම්ප්, පුටින් හමුවට සැරසේ

ස්කොට්ලන්තයේ දෙවන රාත්‍රියත් ගතකළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීම සඳහා අද දිනයේ ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර බලා නික්මීමට නියමිතයි.
ට්‍රම්ප් – පුටින් හමුව හෙටට යෙදී ඇති අතර, එහිදී රුසියාව සමඟ පවතින පසමිතුරුකම් දුරැලීමට හැකිවනු ඇතැයි ජනපති ට්‍රම්ප් විශ්වාසය පළ කළා.
එංගලන්තයේ දෙදින සංචාරයකින් අනතුරුව ස්කොට්ලන්තයට පැමිණි ට්‍රම්ප් යුවළ පසුගිය දින දෙක ගත කළේ ටර්න්බෙරි ප්‍රදේශයේ අයර්ෂයර් හි පිහිටි ඔවුන්ට අයත් ගොල්ෆ් නිකේතනයේයි.
ට්‍රම්ප් විරෝධීන් එම නිකේතනය ආසන්නයට පැමිණ විරෝධතා පාඨ හඬ නැගූ බව විදෙස් වාර්තා සඳහන් කළා.
ජනපති ට්‍රම්ප් රුසියානු නායකයා හමුවන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ලවද්දියි.