අම්බලන්ගොඩ – ආඳා දොළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමඟ 19 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් 10 දෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඳා දොළ ප්‍රදේශයේ හෝටලයක් අසළ මාර්ගයකදී ගංජාත් සමඟයි.
එම හෝටලයේ සාදයක් සඳහා සහභාගි වීමට ඔවුන් යමින් සිට ඇති අතර, අනෙක් තරුණයන් 9 දෙනා මාර්ගයේ මත්පැන් පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වුණා.
මොවුන් බලපිටිය සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.
තරුණ තරුණියන් පිරිසක් අම්බලන්ගොඩ, ආඳා දොළ ප්‍රදේශයේ හෝටලයක් තුල මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ පොලිසිය විසින් එම හෝටලය අසල රැකවල්ලා සිට මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මොවුන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දැන හඳුනාගෙන මෙම සාදයට සහභාගී වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට පත් පිරිස අද (15) බළපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි.