Gossips

උතුරේ තවත් ඉඩම් අක්කර 522 ක් සිවිල් අයිතියට

උතුරේ තවත් ඉඩම් අක්කර 522 ක් සාමාන්‍ය ජනතාවට ලබාදීමට තීරණය කර ඇති බව යුද හමුදාව පවසනවා.
ඒ, ජාතික ආරක්ෂාව සහ සිවිල් පරිපාලනය පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුවයි.
එම ප්‍රදේශවල දැනට සිටින යුද හමුදා භට පිරිස්වලට අවශ්‍ය යටිතල පහසුකම් වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසිමකදී කියා සිටියේ.