Gossips

මත්ද්‍රව්‍ය සමඟ තොඩුවාවේදී අත්අඩංගුවට ගත් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් මහවැව – තෝඩුවාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මාරවිල අධිකරණය ඊයේ නියෝග කළා.
සැකකාරිය සන්තකයේ තිබී හඳුනා නොගත් මත්පෙති 15ක්, හෙරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලීසිය කියා සිටියේ.
අදාළ කාන්තාව මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට මීට පෙරද අත්අඩංගුවට ගැනීමෙන් පසු සිර දඩුවම් ලබා සිටි අයෙකු බව සඳහන්.
නිවස පොලීසිය වටලන අවස්ථාවේදි එම ස්ථානයේ සිටි ගැනුම්කරුවන් කිහිපදෙනෙකු පලාගොස් තිබෙනවා.