Gossips

සිංහල සිනමාවේ ගී ගැයූ දකුණු ඉන්දියානු ගායිකා කේ. රාණි අභාවප්‍රාප්ත වෙයි

1950 දශකයේ මුල් යුගයේ සිංහල සිනමා නිර්මාණවල ගී ගැයූ දකුණු ඉන්දීය ගායිකා කේ. රාණි වයස අවුරුදු 76 ක්ව සිටියදී හයිද්‍රාබාද් නුවරදී ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වයස අවුරුදු අටේදී ගායනයට එක්වූ ඇය සුජාතා චිත්‍රපටයේ ගී ගයන විට වයස අවුරුදු 14 ක්.
ආනන්ද සමරකෝන්ගේ තනුවකට ශ්‍රී ලංකා ජාතික ගීයේ ආරම්භක ගීත ගායනයටද ඇය එක්වීම විශේෂත්වයක්.
සුජාතා චිත්‍රපටයේ මෙන්ම සැඩසුළං, සිරිමලී ආදී චිත්‍රපටවලද සිංහල ගීත ගායනයට එක්වූ ඇය තෙළිඟු, දෙමළ ඇතුලූ සිනමා නිර්මාණ රැසකටම ගායනයෙන් දායකවී තිබෙනවා.