Gossips

වැලිකඩ ඝාතන සැළසුමට අත්අඩංගුවට ගත් පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක් ඝාතනය සඳහා පැමිණ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 5 දෙනා ලබන 20 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබාදී තිබෙනවා.
ඒ පොලීසිය විසින් ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිය සැමියා බැලීමට පැමිණි මෙම කාන්තාව ඝාතනයට තැත් කළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
මෙම කාන්තාව බන්ධනාගාරගතව සිටින සිය සැමියාගේ සුවදුක් විමසා නැවත නිවස කරා යන අවස්ථාවේදී මෙලෙස ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වූ බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.