Gossips

අමු මිරිස් මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝග්‍ර‍්‍රෑමයක තොග මිල රුපියල් 500 සිට රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අමු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් දහසක් ලෙස බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.
අධික වියදම් නිසා වගාකරුවන් අමු මිරිස් වගාවෙන් ඉවත්වීමත් සමඟ වෙළඳපොලට ලැබෙන අස්වනු අඩුවීම ඊට හේතුවයි.