Gossips

චීනයේ උපක්‍රම ගැන අගමැති කියයි

ඉන්දීය පැසිෆික් සාගර කලාපයේ බලය වැඩි කිරීම සඳහා චීනය උපක්‍රමශීලිව ගනු ලබන ක්‍රමවේද වලට ශ්‍රී ලංකාවත් හසුවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ පැවති උත්සවයකට ඊයේ පස්වරුවේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
‘‘ඉන්දු ශාන්තිකර’ යනුවෙන් හදුන්වනු ලබන සංකල්පයක් දැන් අපිට තිබෙනවා. මෙය හඳුන්වාදෙනු ලැබුවේ අමෙරිකාව විසින්. චීනය හිතන්නේ එය ඉන්දිය – පැසිෆික් කලාපයේ ඔවුන්ගේ බලය සීමා කිරීමට ගත් පියවරක් කියලා. නමුත් එවැන්නක් නැහැ. කෙසේවෙතත් චීනය උපක්‍රමශිලි ලෙස විවිධ ක්‍රමවේද සිදුකරනු ලබනවා ඔවුන්ගේ බලය ඉන්දීය පැසිපික් කලාපයේ වැඩිකිරිමට. අපිත් මෙයට හසුවි ඇති බව පෙනියනවා. හම්බන්තොට වරාය චීනයේ නාවික මූලස්ථානයක් බවට පත්විය හැකි බවට අපි බලාපොරොත්තු නොවු පරිදි ප්‍රසිද්ධියක් හිමිවෙලා තිබෙනවා. නමුත් මා නැවත නැවත් අවධාරණය කළ යුතුයි මෙරට ආරක්ෂාව පවතින්නේ ශ්‍රී ලංකා රජය යටතේ බව. අපිි චයිනා මර්චන්ට්’ සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමේත් ඒ බව පැහැදිලිවම සඳහන්. රේගුවල ආගමන – විගමන පාලනය සහ පොලිසිය යනාදි සියල්ල තිබෙන්නේ ශ්‍රී ලංකා රජය යටතේ. ඒ වගේම නාවික හමුදාවට අයත් දකුණේ අණදෙන මධ්‍යස්ථානයත් ගාල්ලේ සිට හම්බන්තොට වරායට අපි ගෙන යනවා. එමෙන්ම සබ්මැරීනවලින් එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද රජය නාවික හමුදාවට දන්වා තිබෙනවා. ඒ වගේම හම්බන්තොට වරායේ ආරක්ෂාව වෙනුවෙන් නිරීක්ෂණ නෞකා ප්‍රමාණය අපි ඉහළ දමා තිබෙන්නෙ. අපි හම්බන්තොට වරායේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා. චීනයට හම්බන්තොට වරාය කඳවුරක් ලෙස භාවිත කරන්න ඉඩක් දෙන්නේ නැහැ ’’