Gossips

හම්බන්තොට මහ නගර සභාවේ බලය එජාපයෙන් ගිලිහෙන ලකුණු

හම්බන්තොට මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සන්ධානගතවී පිහිටුවන බව හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසනවා.
මන්ත්‍රී ආසන 9 ක් හිමිකරගනිමින් මෙම මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 7 ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ධුර 4 ක් ඊයේ නිකුත් කෙරුණු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ලැබී තිබෙනවා.
මෙම පක්ෂ දෙක එක්වුවහොත් හම්බන්තොට මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී යනු ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් සමග දැනටමත් සාකච්ඡා කර තීරණය කර ඇති බවයි.