Gossips

මෙරට අති දැවැන්තම ප්‍රාසාංගික සංගීත සංදර්ශන අත්දැකීම, හිරු මෙගාබ්ලාස්ට් 20 වන සාංවත්සරික ප්‍රසංගය අති සාර්ථකව අවසන් (ඡායාරූප)

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම "හිරු මෙගාබ්ලාස්ට්" 20 වන සාංවත්සරික ප්‍රසංගය කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අති සාර්ථක ලෙස අවසන් වුණා.
විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාර වූ අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගාබ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කළේ "ෆ්ලෑෂ් බැක්" සංගීත කණ්ඩායමයි.
හිරුගේ 20 වෙනි සංවත්සරයේ උච්ච ස්වරය දසත පතුරන්නට කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ඊයේ (13) පැවති "හිරු මෙගාබ්ලාස්ට්" ප්‍රසංගය මෙරට වැඩිම පිරිසක් එකවර නැරඹූ එළිමහන් සංගීත ප්‍රසංගය ලෙසින් ලාංකීය ප්‍රාසාංගික කලා ඉතිහාසයට එක් වුණා.
ප්‍රසංගය ආරම්භය සනිටුහන් වෙද්දී කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගණය හිරුට ලබැඳි දස දහස් සංඛාත වූ ප්‍රේක්ෂකයිගෙන් පිරී ඉතිරී ගියේ හිරුගේ ශක්තිය, බලය ජීවමාන කරමින්.
මෙරට ජනප්‍රිය ගායන තරු විස්සක් "හිරු මෙගාබ්ලාස්ට්" 20 වන සාංවත්සරික ප්‍රසංගය ගීතයෙන් හැඩ කරන්නට එක් වුණා.
"හිරු මෙගාබ්ලාස්ට්" 20 වන සාංවත්සරික ප්‍රසංගයේ විශේෂ අවස්ථා පහතින්..