Gossips

හංවැල්ලේ අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

හයිලෙවල් මාර්ගයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
එහිදී 23 හැවිරිදි හොරණ – දොඹගොඩ ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.