Gossips

හෙරොයින් පැකට් කළ පවුලක් මහරගමින් අල්ලයි

මහරගම – වීරමාවත ප්‍රදේශයේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ පියා, මව සහ දියණිය ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්, ඇගේ පියා, මව, පෙම්වතා සහ 17 හැවිරිදි සහෝදරියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 400 – 500 ත් අතර ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම නිවස රුපියල් 28,000 ක කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.