Gossips

ජනපති රෝමයට

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14) දහවල් රෝමය බලා පිටත්ව ගොස් තිබෙනවා.
තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනිම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙවර සමුළුවේ අරමුණයි.
ජනාධිපතිවරයා අනිද්දා (16) දා සමුළුව අමතා විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමටද නියමිත අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා ද එක්වන බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ අතර ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන ජූලි 17 වනදා සිට 19 වනදා දක්වා ජෝර්ජියාවේ සංචාරයකටද එක්වන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළා.