Gossips

හමුදාවට නියෝග දෙන්න බලය ඇත්තේ සේනාධිනායකයාට – ඇමති සමරසිංහ

හමුදාව ඇතුලූ රාජ්‍ය නිලධාරීන්ට නියෝග ලබාදීමේ බලය ඇත්තේ රටේ නායකයාට පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
එහිදී ඔවුන් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හමුදාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබදව ද විමසා සිටියා.