Gossips

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන්න

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සහය වන්නැයි ඉන්දීය රජය ඉල්ලීමක් කර තිබෙනවා.
ලක් රජය වෙතින් එම ඉල්ලීම සිදුකර ඇත්තේ ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදියි.
ඉන්දීය විදේශ ලේකම් විජේ ගෝක්ලේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මේ බව අවධාරණය කළේ යැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ඉන්දීය විදේශ ලේකම්වරයා ලක් රජය සමඟ පැවැත්වූ සාකච්ඡා විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ ඉන්දීය සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබදවයි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ ක්‍රියාත්මක කිරීම එල්.එන්.ජී. ස්වභාවික වායු අංගනය මෙන්ම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය ඊට ඇතුළත් වන බව ඉන්දියාවේ හින්දු පුවත්පත සඳහන් කළා.
චීනය පිළිබද විශේෂඥ දැනුමක් සහිත ඉන්දීය විදේශ ලේකම්වරයා ඉන්දියාව සම්බන්ධයෙන් ලක් රජය කටයුතු කළ යුතු ආකාරය පිළිබදව කිසියම් දැනුවත් කිරීමක් සිදුකරන්නට ඇති බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.