Gossips

පාපන්දු කුසලානයේ 3 වන ස්ථානය කාටද?

මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තුන් වන ස්ථානය සඳහා එංගලන්තය සහ බෙල්ජියම අද (14) ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී තරඟ වදිනවා.
1966 ලෝක ශූරයන් වූ එංගලන්තය ඉන් පසු ලද ඉහළම ස්ථානය වන්නේ 1990 වසරේදී හිමි කර ගත් 4 වන ස්ථානයයි.
මේ අනුව අද තරඟය ජයග්‍රහණය කළහොත් එය එංගලන්තය ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී දක්වන දෙවන විශිෂ්ඨතම දස්කම වනු ඇති.
එමෙන්ම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් පාපන්දුව ජයග්‍රහණය කිරීම සඳහා සුදුසුකම් ලැබිය හැකි ක්‍රීඩකයෙකු වන්නේ එංගලන්ත නායක හැරී කේන්.
ඔහු මේ වන විට මෙවර තරගාවලියේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් එනම්, ගෝල 6ක් වාර්තා කර ඇති අතර, බෙල්ජියම් ක්‍රීඩක රුමේලු ලූකාකු වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 4ක්.