Gossips

මොණරාගල වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මොණරාගල – ඌව – කුඩාඔය ප්‍රදේශයේදී පුද්ගලයින් තුන් දෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෙඩි වැදී අවුරුදු 52ක පමණ පුද්ගලයෙකු මිය ගිය අතර, වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මීට අමතරව මොණරාගල – ගොවිදුපුර ප්‍රදේශයේ උනානයාය ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වුණා.
පොලීසිය සඳහන් කළේ අවුරුදු 38ක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

(ඡායාරූප – ජයන්ත ජයවීර )