Gossips

කැබ් රථ අනතුරකින් තරුණයෙක් මරුට

මහියංගනය හුන්නස්ගිරිය මාර්ගයේ එනමල්පොත ප්‍රදේශයේදී එලවළු ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථයක මාර්ගයෙන් ඉව‍තට පැන සිදුවූ අනතුරකින් එම රථයේ ගමන් කළ තරුණයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හුන්නස්ගිරිය බඹරබැද්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙක්.
අද අලුයම 3 .45 ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.