Gossips

මග්ගොන මාරක රිය අනතුරකින් 10 දෙනෙකු රෝහලේ

මග්ගොන ප්‍රදේශයේදී වෑන් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඊයේ (13) රාත්‍රී 9.45ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි වාර්තාවන්නේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස අතරින් බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මේ අනතුර සිදුව ඇති බවටයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.