Gossips

බිළිඳෙක් අලෙවි කිරීමට තැත් කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

දින 15ක් වයසැති බිළිඳෙක් මුදලට අලෙවි කිරීමට උත්සහ කළ සිව්දෙනෙකු පෑලියගොඩ කොට්ඨාශ අපරධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බිළිඳාගේ මව, මිත්තනිය,සීයා සහ තැරව්කාර කාන්තාව රාගම රෝහල අසලදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් පිරිසගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී ඇත්තේ රුපියල් දෙලක්ෂ දසදහසක මුදලකට බිළිඳා අලෙවි කිරීමට සුදානම්ව සිටි බවයි.
පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරියෙකු සහ නිලධාරිනියක උපාය ධූතයින් ලෙස යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරියන් තිදෙනා මස්කෙළිය සහ රාගම ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.