Gossips

ට්‍රම්ප් – පුටින් හමුව සඳුදා හෙල්සින්කි නුවර දී

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව සඳුදා ෆින්ලන්තයේ – හෙල්සින්කි අගනුවර දී නියත වශයෙන්ම පැවැත්වෙන බව ධවල මන්දිරය ප්‍රකාශ කළා.
මෙම හමුවට පෙර ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව රුසියානු බුද්ධි අංශ නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම ද විශේෂත්වයක්.
ඒ, 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ වෙත නීතිවිරෝධී ලෙස පිවිසුණු බවට චෝදනා කරමින්.
කෙසේ නමුත්, ක්‍රෙම්ලින් මන්දිරය ප්‍රකාශ කළේ ජනපති ට්‍රම්ප් සාකච්ඡා සහකරුවෙකු ලෙස තමන් තවදුරටත් සලකන අතර, අදාළ චෝදනා එම සාකච්ඡා කඩා කප්පල්කිරීමේ උත්සාහයක් බවයි.