Gossips

පළමු ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

දකුණු අප්‍රිකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.
ඊයේ දිනයේ තරඟය නිමා කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4ක් දැවී ලකුණු 111ක් ලබා සිටියා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 287ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 126කට සීමා වුණා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 272ක් ඉදිරියෙන් පසුවනවා.