Gossips

පකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – අපේක්ෂකයෙකු ඇතුලු 128 ක් මරුට

පකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වෙමින් තිබු ස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 128 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.
මියගිය පිරිස අතර මැතිවරණ අපේක්ෂකයෙකු ද වන බවට අනාවරණ වී තිබෙනවා.
මීට පෙර ද පකිස්ථානයේ මැතිවරණ රැළියකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 4 දෙනෙකු මියගියා.
විචාරකයන් පෙන්වා දෙන්නේ මෙවැනි තත්වයක් මත ලබන 25 වනදා පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළයාමේ අවදානමක් පවතින බවයි.