පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඊයේ (10) පෙරවරු 6 සිට මේදක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ අතර බැන තර්ජනය කිරීම්, බියවැද්දීම්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු සිද්ධීන් වාර්තා වන බවයි.
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත්වීම ආරම්භවීමත් සමඟ ප්‍රචණ්ඩක්‍රියා රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූණා.