Gossips

update : වංගෙඩිගල කන්දේ ගින්නට මැදි වූ පිරිස මුදා ගැනේ

බදුල්ල – හල්දුම්මුල්ල – වංගෙඩිගලකන්ද නැරඹීමට ගොස් එහි පැතිර යන ගින්නකට මැදි වී සිටි 10 දෙනා මුදා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙන්ම පොලීසිය සහ යුද හමුදාව ද මුදා ගැනීමේ මෙහෙයුමට එක්වූ බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර සඳහන් කළේ
update : Friday, 13 May 2018 – 16.49
——————————————————————–
බදුල්ල – හල්දුම්මුල්ල – වංගෙඩිගලකන්ද නැරඹීමට ගිය 10 දෙනෙකු එම කන්දේ පැතිර යන ගින්නකට මැදි වී තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා දියතලාව යුද හමුදා කදවුරේ භට පිරිසක් මේ වන විටත් පිටත්ව ගොස් ඇති බවයි.