ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමුවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 126කට සිමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී දිල්රුවන් පෙරේරා දකුණු අප්‍රිකානු කඩුලු 04ක් බිඳ දැමූ අතර සුරංග ලක්මාල් කඩුලු 03ක් බිඳ දැමුවා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆෆ් ඩූප්ලසිස් ලකුණු 49ක් රැස් කරමින් දකුණු අප්‍රිකා පළමු ඉනිමේ වැඩිම ලකණු ලාභියා බවට පත් වුණා.
සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාව පසුකර යන්නය ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබානොදීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව මුල් ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 287 ක්.
තරඟයේ දෙවන දිනය අදයි.