Gossips

විජයකලාගේ ප්‍රකාශය, සිංහලෙන් සහ දෙමළෙන් ලිඛිතව දෙන්නැයි අධිකරණයෙන් නියෝග

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය දා යාපනයේදී සිදුකළ ප්‍රකාශයේ අඩංගු කරුණු වන සිංහල සහ දෙමළ පරිවර්තන ලිඛිතව ලබාදෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට අධිකරණය අද නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම නියෝගය නිකුත් කළේ ඊට අදාළව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වන නඩු විභාගයේදියි.
අදාළ හඬ පට පරීක්ෂා කර එහි අඩංගු කරුණු සිංහල සහ දෙමළ භාෂාවෙන් ලිඛිතව සටහන් කර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලබාදෙන ලෙසයි විනිසුරුවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
හිටපු රාජ්‍ය ඇමතිනිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන 20 වන දා අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.