Gossips

ප්‍රාථමික සෞඛ්‍යය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතිය නංවාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
විශේෂයෙන් බෝ නොවන රෝග පාලනය සඳහා මෙම ණය ව්‍යාපෘතිය මගින් වැඩි අවදානමක් සහිත ජන කොටස් ඉලක්ක කර ගැනෙණු ඇති.
මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවන් මෙන්ම, බෝවන රෝග පාලනය අතින් ශ්‍රී ලංකාව ගෝලීය මට්ටමින් කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන සිටින බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ.
එහෙත්, දකුණු ආසියාවේ සීඝ්‍රයෙන් වයස් ගත ජනගහනයක් ඇති ශ්‍රී ලංකාවේ වසර 60 ඉක්මවූ ජන කොටස ඉදිරි වසර 25 තුළ දෙගුණයක් වන බව එමගින් පෙන්වා දෙනවා.
මෙම ප්‍රවණතාව මෙරට මරණවලින් සියයට 87 කටම බෝ නොවන රෝග හේතුවීම තුළින් පැහැදිලි වන බව ලෝක බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.