Gossips

රුපියල් මිලියන 66ක හෙරොයින් සාම්පූර් වෙරළ තීරයෙන් සොයාගැනේ

සාම්පූර් – ඉලක්කන්ද වෙරළ තීරයේ තිබී හෙරොයින් කිලෝ පහමාරක් අඩංගු පාර්සල් 21ක් පොලීසිය අද (13) සොයා ගත්තා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම හෙරොයින් තොගය රුපියල් මිලියන 66ක වටිනාකමින් යුක්ත බවයි.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෙරොයින් පාර්සල් වෙරළ තීරයේ දමා ගොස් ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.