Gossips

අතර මඟදී ජීවිතයක් අහිමි කළ ආරවුල

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මහර, නුගේගොඩ, කඩවත ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අද (11) සොයාගෙන තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා ගනේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක තැනැත්තෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරු වෑන් රථයකින් පැමිණෙමින් සිටියදී මෙම අපරාධය සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකාරියක් සහ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර රාගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.